Thursday, December 7, 2023

Australian Migration Consultants සේවා දායකයන්ගේ මුදල් වංචා කරයි

මංජුල කුලතුංග නම් පුද්ගලයා සභාපති වශයෙන් කටයුතු කරන Australian Migration Consultants ආයතනය පුද්ගලයන් Australia යවන බව පවසා මුදල් ලබාගෙන එම කාර්යය මගහැර සිටින ආයතනයකි.

රාජගිරියේ පිහිටා ඇති මෙම ආයතනයේ Customer Relationship Manager වශයෙන් කටයුතු කරන්නේ ආන්යා ගුණසේකර නමැති කාන්තාවකි. 

Australia skill migration සදහා සුදුසුකම් නැති පුද්ගලයින් කෙසේ හෝ Australia Skill Migration යවන බව පවසා ඔවුන්ගෙන් අත්තිකාරම් මුදල් ලබා ගනී. පළමු අත්තිකාරම් මුදල ඩොලර් 800ක් වැනි මුදලකි.

පසුව එම සේවා දායකයන්න්ගෙන් ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම්, රැකියා පළපුරුද්ද ආදියට සහතික හා විවිධ ලියවිලි ඉල්ලාගනිමින් Australia සිහිනය සැබෑ වන බවට එම සේවා දායකයන් තුල බලාපොරොත්තු ඇති කරවයි. එම ක්‍රියාවලිය අතරතුර ඔවුන්ගේ දෙවැනි වාරිකයද අය කර ගනිති. දෙවැනි වාරිකය ඩොලර් 1,400කි. 

ඊට මාස 2කට පමණ පසු Expression of Interest submit කරන බව පවසා තුන් වැනි වාරිකය වශයෙන් තවත් ඩොලර් 1,400ක් අය කර ගනී. 

එම වාරිකය ලබාගත් පසු ඔවුන් එම කාර්යය අත් හැර දමති (සාර්ථකත්වයක් නොමැති බව දන්නා නිසා). Expression of interest file කොට සති කිහිපයකට පසු ඔවුන් සේවා දායකයාට ඇමතුමක් ලබා දෙති. සේවා දායකයාගේ සුදුසුකම් ප්‍රමාණවත් නොමැති බැවින් Expression of interest එක reject වී ඇති බව ඔවුන් දැනුම් දෙති.

නමුත් ඔවුන් මෙතෙක් අය කල ඩොලර් 4,000 ආපසු ලබා නොදේ. මා මෙය ලියා තමනුයේ මා මෙන් වෙනත් පුද්ගලයන් මෙම වංචාවට හසු වීම වැලැක්වීම සදහාය.